May 02, 2024

අද තරඟයට මැතිව්ස්ගෙන් නව සැලැස්මක්

ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර දෙවන එක්දින කි‍්‍රකට් තරඟය අද (24) ඒ බර්මින්හැම්හිදී පැවැත්වීමට නියමිතය.

දෙරට අතර එක්දින තරඟ 05ක් පැවැත්වෙන අතර දෙරට අතර පැවති පළමු තරඟය ජය පරාජයෙන් තොරව අවසන් විය.

අද තරඟය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පිලේ සියල්ලෝම තරඟය ජයග‍්‍රහණය කිරීම සඳහා යහපත් මානසිකත්වයකින් ක‍්‍රීඩා කරන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිව්ස් කියාසිටියේ පන්දු යවන්නන්ගේ දුවර්වලතා ද මඟහරවා ගනිමින් තරඟයට මුහුණ දීම අද දින අපේක්ෂාව වන බවත් ඒ වෙනුවෙන් නව සැලැස්මක් කි‍්‍රයාත්මක කිරීමට නියමිත බවත් ය.

Rate this item
(0 votes)
Last modified on Friday, 24 June 2016 10:49