May 03, 2024

ඉන්දීය පිළට පුහුණුකරුවෙක් පත්වෙයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අනිල් කුම්බ්ලේ තේරී පත්වී තිබේ.

එය මූලිකව වසරක කාලයක් සඳහා බල පැවැත්වෙන බව වාර්තා වේ.

නව පුහුණුකරුගේ‍ පළමු වගකීම වී ඇත්තේ තරඟ 04කින් යුත් බවහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් චාරිකාවයි.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂවරයාව සිටි රවී ශාස්ත්‍රිගේ කාලසීමාව පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියෙන් අවසන් විය.

ඒ හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙහෙයවීම සඳහා ප්‍රධාන පුහුණුකාර තනතුරට අයදුම්පත් කැඳවූ අතර එයට 57 දෙනෙකු ඉදිරිපත්ව තිබුණි.

පසුව ඉන් 21දෙනෙකුගේ කෙටි ලැයිස්තුවකට ඔවුන් ඇතුළත් කෙරුණු අතර මේ වනවිට වනවිට පත්වී සිටින අනිල් කුම්බ්ලේ ඒ අතර නොසිටීම විශේෂත්වයකි.

Rate this item
(0 votes)
Last modified on Friday, 24 June 2016 09:32