May 02, 2024

තරඟය ජය පැරදුමෙන් තොරව නිමාවෙයි (VIDEO)

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ඊයේ (21) පැවති පළමු එක්දින තරඟය තියුණු තරඟයකින් පසු ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 09ක් දැවී පන්දු වාර 50ක් අවසානයේ ලකුණු 286ක් රැස් කළේය.

එමෙන්ම නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් හතරේ පහර 05ක් සමඟ ලකුණු 73ක් රැස් කර ගත්තේ ය.

මේ අතර ලකුණු 286ක ඉලක්කය හඹා ගිය එංගලන්ත කණ්ඩායම ද කඩුලු 08ක් දැවී පන්දු වාර 50 අවසානයේ රැස්කර ගත්තේ ලකුණු 286ක් පමණි.

තරඟයේ වීරයා ලෙස CR Woakes නම් කෙරුණු අතර එංගලන්තය වෙනුවෙන් ඔහු ලකුණු 93ක් ලබා ගත්තේ ය.

JC Buttler රැස්කළේ ලකුණු 95ක්පමණි.

තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 June 2016 09:16