May 06, 2024

ඉරියව්ව නිවැරදි කරගන්නා තෙක් එරංගට ජාත්‍යන්තර පිටිය තහනම්

හෘද ස්ඵන්දනය වේගවත් වීම හේතුවෙන් එංගලන්තයේ රෝහල් ගත කරනු ලැබූ ශ්‍රී ලංකා වේග පන්දු යැවීමේ ක්‍රීඩක ශාමින්ද එරංගට ගැටලුවක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය නිවේදනය කරයි.

ඒ අනුව ඔහු ඉතාමත් ඉක්මනින්ම නැවතත් දිවයිනට පැමිණෙනු ඇති බවත් ඔහු පිළිබඳව කරනු ලැබුවේ පරීක්ෂණ කිහිපයක් පමණක් බවත් ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. 

ශාමින්ද එරංග මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

එසේම ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවන බවට අයි.සී.සීය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තහවුරු කළ බවත් ඔහුගේ ඉරියව්ව නැවත සකස් කර ගන්නා තෙක් දේශීය පිටියේ තරග කළ හැකි බවට අයි.සී.සීය දන්වා ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 June 2016 11:56