May 07, 2024

කුසල් එංගලන්තයට අභියෝගයක් වෙයි (VIDEO)

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරඟ 05කින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරගය අද (21) නොටින්හැම්හි ටේ‍රන්ට්බිරිජ් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 6.30 ට ආරම්භවීමට නියමිතය. 

මේ අතර කලකට පසු පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරාගේ පිතිහරඔය ගැන එංගලන්තය අද තරගයේ දී සැලකිලිමත් විය යුතු බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ, තරඟ තහනමකට ලක්ව සිටි කුසල් ජනිත් පෙරේරා අයර්ලන්තයට එරෙහිව සුවිශේෂී දස්කම් දැක්වීමෙන් පසුව ඔවුන් ඔහුව උපමා කළේ අළු මතින් නැගී සිටි ෆීනික්ස් කුරුල්ලෙකු හා සමානවය.

කුසල් ජනිත් අයර්ලන්තයට එරෙහිව පැවැති දෙවැනි තරඟයේදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වුනු අතර පන්දු 126කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 16ක් සමග ලකුණු 135ක් ලබාගත්තේ ය.

ශ්‍රී ලංකා සංචිතය -
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, උපුල් තරංග, ළහිරු තිරිමාන්න, දසුන් ශානක, සීක්කුගේ ප්‍රසන්න, ධනංජය ද සිල්වා, ෆර්විස් මහරුෆ්, සුරාජ් රන්දීව්, සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප්

 එංගලන්ත සංචිතය -
ඔයින් මෝගන් (නායක), ඇලෙක්ස් හේල්ස්, ජෝ රූට්, මුයින් අලී, ජොනී බෙයාර්ස්ටෝ, ජොස් බට්ලර්, ස්ටීවන් ෆින්, ක්‍රිස් ජෝර්ඩ්න්, ලයෑම් ප්ලන්කට්, අදිල් රෂීඩ්, ජේසන් රෝයි, ජේම්ස් වින්ස්, ඩේවිඩ් විලි සහ ක්‍රිස් වෝක්ස්

තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 June 2016 09:14