May 07, 2024

මෙවර ජාතික ක්‍රීඩා උළෙල උතුරට (PHOTOS)

2016 ජාතික ක්‍රීඩා උළෙල උතුරු පළාතේ පැවැත්වීමට තීරණය කොට තිබේ.

පෙරේදා (18) උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සහ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානාත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණයට එලඹී ඇත.

මෙම සාකච්ඡාවේ දී 2016 ජාතික ක්‍රීඩා උළෙල යාපනය සහ කිලිනොච්චිය යන නගර කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට තීරණය කර ඇති අතර යාපනය ප්‍රදේශයේ දී බාස්කට් බෝල්, කැරම්, චෙස්, කාය වර්ධන ක්‍රීඩා, පාපන්දු සහ මලල ක්‍රීඩා යන තරඟ පැවැත්වීමට ද තීරණය කර තිබේ.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, මේ සඳහා පෙර සූදානම් කිරීමේ කමිටුවක් පත් කළයුතු බවත් එමඟින් ක්‍රීඩා උත්සවයේ වැඩ කටයුතු ශක්තිමත් කර ගැනීමට මහත් පිටිවහලක් වන බවත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාරතුමා, ක්‍රීඩා අමාත්‍යවරයා, ක්‍රීඩා ලේකම්වරයා ඇතුළු පළාතේ දේශපාලන නායකයින් රැසක් සහභාගී වී සිටියහ.

ඡායාරූප පහතින්.

වන්නි - රොමේෂ් මධුෂංඛ

Rate this item
(0 votes)
Last modified on Monday, 20 June 2016 11:11