May 07, 2024

හදවත් රෝගී තත්ත්වයක් නිසා ශමින්ද එරංග රෝහල් ගත කරයි

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ශමින්ද එරංගගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (19) තහවුරු කළේය.

ඒ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් සිදුකළ ස්වාධීන පරීක්ෂණයකින් අනතුරුවයි.

මේ අතර ඊයේ ඔහුගේ හදවත ආශ්‍රිතව මතුව තිබූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව රෝහල් ගතකළ බව අයර්ලන්තයෙන් වාර්තා වේ.

වාර්තා වන අන්දමට ඊයේ තරඟයට පෙර පුහුණු සැසියක් අතරතුර මෙම රෝගී තත්ත්වය මතුව තිබේ.

කෙසේවුවත් හදවත ආශ්‍රිතව මතුවී ඇති මෙම රෝගී තත්ත්වය එතරම් බරපතල නොවන බව එම වාර්තා සඳහන් කරයි.

ඒ අනුව ඔහු ඉදිරි පැය 48 ඇතුලත දී පරික්ෂා කිරීමෙන් අනතුරුව එංගලන්තය සමඟ එක්දින තරඟාවලියට ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇත.

Rate this item
(0 votes)
Last modified on Monday, 20 June 2016 11:24