May 06, 2024

කාසියේ වාසිය අයර්ලන්තයට

ශ්‍රී ලංකා - අයර්ලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (18) දිනයේ ඩබ්ලින් හි මලාහයිඩ් ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.

ඒ අනුව කාසියේ වාසිය දිනූ අයර්ලන්ත පිල පළමුව පන්දු රැකීමට තීරණය කර තිබේ.

දෙපිල අතර පැවති පළමු තරඟයෙන් ඩක්වත් සහ ලූවිස් න්‍යාය යටතේ ශ්‍රී ලංකාව ලකුණු 76කින් ජයගනු ලැබීය.

අද තරඟය සම්බන්ධව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කළේය පළමු තරගයේ දී දැක්වූ දක්ෂතා අද තවත් මුවහත් කරගැනීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර පළමු තරගයේදී සිදුවූ අඩුපාඩු නිවැරදි කරගනිමින් අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා හොඳ තරඟයක් ලබාදෙන බව අයර්ලන්ත ක්‍රිකට් නායක විලියම් පෝටෆීල්ඩ් ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)