May 06, 2024

තම මංගල තරඟයේදීම දසුන් ක්‍රිකට් පොතට ගියේ මෙහෙමයි (VIDEO)

ඊයේ (16) අයර්ලන්ත තරගයේ දී ලකුණු 43කට කඩුලු 5ක් දවාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක ක්‍රිකට් ලෝක වාර්තා පොතට එක්විය.

ඒ, තම මංගල තරගයේ දී හොඳම පන්දු යැවීම වාර්තා කළ ක්‍රීඩකයන් අතර 09 වැන්නා ලෙසයි.

මංගල තරගයේ දී හොඳම පන්දු යැවීම වාර්තා කළ ක්‍රීඩකයන් අතර පෙරමුණේ සිටින්නේ දකුණු අප්‍රිකාවේ Kagiso Rabada ක්‍රීඩකයායි.

පන්දුවාර විස්සයි විස්ස තරගයක දී එස්.එස්.සී. කණ්ඩායම වෙනුවෙන් හයේ පහර 16ක් එල්ල කිරීමට මීට පෙර ඔහු සමත් වූ අතර ක්‍රිස් ගේල් හයේ පහර 17ක් ලබා ගනිමින් පන්දුවාර විස්සයි විස්ස තරගවල හයේ පහර වාර්තාවට හිමිකම් කියයි.

අයර්ලන්තය සමග පැවති පළමු එක්දින කි‍්‍රකට් තරගයෙන් ඩක්වර්ත් ලූවිස් න්‍යාය යටතේ ලකුණු 76ක ජයක් හිමිකර ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ සමත් විය.

එම වීඩියේව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Friday, 17 June 2016 12:26