May 07, 2024

ශ්‍රී ලංකාවට ලකුණු 76ක ජයක්

ශ්‍රී ලංකා පිල සහ අයර්ලන්ත පිල අතර පැවති පළමු එක්දින තරඟය ඩක්වත් ලුවිස් ක්‍රමයට අනුව ලකුණු 76කින් ජයග්‍රහණය කිරීමට ඊයේ (16) ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

තරඟය ආරම්භයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 303ක් රැස් කළේය.

මේ අතර ඊයේ පැවති තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ හේතුවෙන් තරගයේ ජයග්‍රහණය සඳහා අයර්ලන්ත පිලට පන්දුවාර 47ක දී ලකුණු 293ක ඉලක්කයක් ලබා දී තිබේ.

කෙසේවුවද අයර්ලන්ත පිතිකරුවන්ට පන්දුවාර 40 යි පන්දු 04ක දී සියළුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 216ක් පමණි.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 17 June 2016 10:38