May 07, 2024

සිංහයෝ පළමුව පන්දුවට පහර දෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්තය පිල අතර පළමු එක්දින තරඟය අද (16) දින ඩබ්ලින්හි දී ආරම්භ විය.

තරඟයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත පිල පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නේ ය.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 3.1කදී කිසිවෙකු නොදැවී ලකුණු 8ක් රැස්කරගෙන සිටින අතර කුසල් පෙරේරා සමගින් ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළහ.

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ඇන්ජෙලෝ මැතිව්ස් මෙහෙයවන අතර දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, ශමින්ද එරංග සහ උපුල් තරංග කණ්ඩායමට නම්කර තිබේ.

ධනංජය ද සිල්වා, දසුන් ශානක සහ සීකුගේ ප්‍රසන්න සෙසු ක්‍රීඩකයින් අතර වේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 16 June 2016 16:37