May 08, 2024

කුසල් කලකට පසු අද එක්දින පිටියේ

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ඩබ්ලින්හි දී අද (16) පැවැත්වීමට නියමිතය.

තරගයේ ඉරණම කුමක් විය හැකිද යන්න පූර්ව නිගමන බොහෝ වෙතත් වැඩි දෙනකුගේ අවධානය යොමුවී ඇත්තේ තහනම් උත්තේජක චෝදනාවෙන් මිදුණු කුසල් ජනිත් පෙරේරා සහ පළමු වරට එක්දින සංචිතයට එක්වූ කුසල් මෙන්ඩිස් දෙදෙනා වෙතය.

දිවා තරගයක්‌ වන මෙය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.30 ට පමණ ආරම්භ වීමට නියමිතය.

කුසල් පෙරේරා අවසන් වරට සහභාගි වු එක්‌දින තරග තුනේදී පිළිවෙලින් 116, 14, 99 සහ 50 බැගින් ලබා ලකුණු අතර සිටි ක්‍රීඩකයෙකි.

තුන් ඉරියව් ක්‍රීඩක ෆර්වීස්‌ මහරුෆ්ද කණ්‌ඩායමට එක්‌ව ඇත්තේ වසර 04කින් පසුව වන අතර මොවුන් දෙදෙනාම කලකට පසුව අද යළිත් එක්‌දින පිටියට පිවිසීම විශේෂත්වයකි.

තිලකරත්න ඩිල්ෂාන් කණ්‌ඩායමේ නොමැති වීමෙන් අද තරගයේදී කුසල් පෙරේරා සමග උපුල් තරංග හෝ ධනුෂ්ක ගුණතිලක ඉනිම ආරම්භ කරනු ඇත.

ශ්‍රී ලංකා සංචිතය

ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, නුවන් ප්‍රදීප්, සුරාජ් රංදීව්, සුරංග ලක්මාල්, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, ශමින්ද එරංග, ධනුෂ්ක ගුණතිලක, ෆර්වීස් මහරූෆ්, සීකුගේ ප්‍රසන්න, උපුල් තරංග සහ කුසල් ජනිත්

අයර්ලන්ත සංචිතය

විලියම් පෝටර්ෆීල්ඩ් (නායක), ජෝර්ජ් ඩොක්රෙල්, ඇන්ඩෲ මැක්බිරන්, ටිම් මර්ටග්, බොයිඩ් රැන්කින්, පෝල් ස්ටලින්, ගැරී විල්සන්, ජෝන් ඇන්ඩර්සන්, එඩ් ජොයිස්, බැරී මැකාති, කෙවින් ඕ.බිරියන්, ස්ටුවර්ට් පොයින්ටර්, ස්ටුවර්ට් තොම්සන් සහ මැක්ස් සොරෙන්සන්

Rate this item
(0 votes)
Last modified on Thursday, 16 June 2016 10:10