May 07, 2024

දුරෙයප්පා ක්‍රීඩාංගණය 18දා ජනපති අතින් විවෘත කෙරේ (PHOTOS)

නවීන පහසුකම්වලින් යුක්තව යාපනය දුරෙයප්පා ක්‍රීඩාංගණය නැවත පිළිසකර කොට මෙම මස 18වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් යළි විවෘත කිරීමට නියමිත බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව කියාසිටියේ පසුගියදා දුරෙයප්පා ක්‍රීඩාංගණයේ මේ දිනවල සිදු කෙරෙන පිළිසකර කිරීම් පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූ අවස්ථාවේ දී ය.

යුධ සමයේ දී දැඩි ලෙස හානියට පත් දුරෙයප්පා ක්‍රීඩාංගණය නවීන පහසුකම්වලින් යුක්තව පිළිසකර කොට යාපනයේ සියළු ක්‍රීඩාවන් ඉතා ඉහළ මට්ටමකට ගෙන ඒම රජයේ මූලික අරමුණ බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ ය.

ඡායාරූප පහතින්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 June 2016 17:24