May 07, 2024

මෙවර ආසියානු දැල් පන්දු තරඟාවලියට යන සංචිතය මෙන්න

තායිලන්තයේ දී පැවැත්වීමට නියමිත 10වැනි ආසියානු දැල් පන්දු තරඟාවලිය සඳහා අතිරේක ක්‍රීඩිකාවන් 3දෙනෙකු ඇතුළත්ව ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ප්‍රකාශයට පත්කොට තිබේ.

එ් අතර 2015 ලෝක කුසලාන දැල් පන්දු තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ සේමිණී අල්විස් අතිරේක ක්‍රීඩිකා ලැයිස්තුවට එක්කර තිබීම විශේෂත්වයකි.

පෙරේදා සිට මෙම ක්‍රීඩිකාවන් සති දෙකක පුහුණුවක නිරත වන අතර නාවලපිටිය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී එම පුහුණු කටයුතු සිදුකෙරේ.

මෙම මස 30 වැනිදා ආරම්භ වන 10 වන ආසියානු දැල් පන්දු තරඟාවලිය අගෝස්තු 04 වනදායින් නිමාව දකින්නට නියමිතය.

මෙවර නම්කර ඇති සංචිතය

දර්ශිකා අබේවික්‍රම

හසිතා මෙන්ඩිස්

ගයංජලී අමරවංශ

තිලිණි වත්තේගෙදර

සුරේඛා කුමාරි

දීපිකා ප්‍රියදර්ශනී

ගයනි දිසානායක

තිවංකා පෙරේරා

රුවිනි යටිගම්මන

ශ්‍යාමලී රත්නායක

කාංචනා ජයවීර

දුලංජි ධනංජනී

අතිරේක ක්‍රීඩිකාවන්

සේමිණී අල්විස්

විරාජි චාමරිකා

පූර්ණිමා ලක්මාලි

Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 June 2016 09:59