May 07, 2024

විනිසුරු රොඩ් මැතිව්ස්ගෙන් සමාව ගනී

පසුගියදා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති තුන්දින ටෙස්ට් තරඟාවලියේ තෙවන දිනයේ දී ශ්‍රී ලංකා පිල නියෝජනය කරමින් තරඟ වැදුණු නුවන් ප‍්‍රදීප් විසින් යවන ලද පන්දුවක් එංලගන්ත පිලේ ඇලෙක්ස් හේල්ස්ගේ කඩුල්ලට කඩා වැදුණු අවස්ථාවේ දී එම පන්දුව ‘නිපන්දුවක්’ වශයෙන් නම්කරනු ලැබීමෙන් තමන් අතින් සිදුවූ වරද පිළිබඳව ඕස්ටේ‍්‍රලියානු විනිසුරු රොඩ්නි ටකර් මහතා සමාව අයැද සිටී.
 
රූපවාහිනී පුනරූපන වලින් පැහැදිළි වූයේ නුවන් ප‍්‍රදීප්ගේ පන්දුව නිපන්දුවක් නොවන බවයි. එහෙත් ඉතාමත් තීරණාත්මක මොහොතක කඩුල්ල අහිමි වීම නිසා මහත් සන්තාපයට පත්වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊට ප‍්‍රතිචාර දැක්වූයේ ශී‍්‍ර ලංකාවේ ජාතික කොඩිය ලෝඩ්ස් කී‍්‍රඩාංගණයේ කී‍්‍රඩකයන්ගේ විවේකාගාරයේ සඳලූ තලයේ දිගහැරීමෙනි.

ලෝඩ්ස් කී‍්‍රඩාංගණයේ කී‍්‍රඩකයන්ගේ විවේකාගාර වලට ඉහළින් ජාතික ධජ ඔසවා තබනු විනා කී‍්‍රඩක විවේකාගාරයේ ජාතික ධජ දිගහැරීම ලෝඩ්ස්හි සම්ප‍්‍රදාය නොවේ. විනාඩි 45 කට පමණ පසුව මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජයේ නිලධාරීන්ගේ ඉල්ලීමක් අනුව ශී‍්‍ර ලංකාවේ ජාතික ධජය කී‍්‍රඩකයන්ගේ සඳලූ තලයෙන් ඉවත් කරගන්නා ලදි.

එම අවස්ථාවේදී විනිසුරු රොඩ්නි ටකර් මහතා විසින් නිවැරදි තීරණය ගත්තේ නම් ඇලෙක්ස් හේල්ස්ගේ ඉනිම ලකුණු 58 කදී නිමාවීමට නියමිතව තිබිණ.

”මා හිතන්නේ රොඩ් ගිහිල්ලා ඇන්ජලෝ මැතිව්ස්ගෙන් සමාව ඉල්ලා සිටියා.

වෙන මොනවා කරන්නද” යයි ශී‍්‍ර ලංකා පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඩ් මහතා පැවසීය.

”මා හිතන්නේ අන්තර්ජාතික කි‍්‍රකට් සභාව දැන්වත් මේ ගැන හිතන්න පටන්ගත්තොත් හොඳයි...”

”තාක්‍ෂණය මේ තරම් දියුණු වෙලා තියෙද්දීත්, රේඛාවක් සම්බන්ධ තීරණයක් වරදිනවා. ඒක පිළිගන්න බෑ...රේඛාවක් එහා මෙහා වෙන්නේ නෑනේ. මා හිතන්නේ දැන්වත් අපි මේ ප‍්‍රශ්නය කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් ඉවතට ඇද දැමිය යුතුයි” යයිද ග‍්‍රැහැම් ෆෝඩ් මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා පුහුණුකරුවා....

”හොඳම විසඳුම තමයි විනිසුරුවරුන් අනෙක් අන්තයේ සිද්ධ වෙන දේ ගැන අවධානයෙන් සිටීම. රේඛාවන් සම්බන්ධ තීන්දු තාක්‍ෂණයට බාර කළ යුතුයි....මා මේ ගැන තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් එක්කත් කතා කළා” යයි ද පැවසීය.

ශී‍්‍ර ලංකා කණ්ඩායම තරගයට අවතීර්ණ වෙමින් සිටි වේලාවේදී කඩුල්ල අහිමි වීම කණ්ඩායමේ ධෛර්යයට මරු පහරක් විය. එම අවස්ථාවේදී හේල්ස් දැවී ගියේ නම් එංගලන්ත ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 132 දී බිඳ වැටෙන්නේය.

”හරියට අපි බලාපොරොත්තු නොවුන වෙලාවක පයින් ගැහැව්වා වගේ....ඒත් අපි හිතුවේ කොඩිය දැම්මාම කී‍්‍රඩාගාරයෙන් ඔවුන්ට ලැබෙන සහයෝගය දැකලා, කී‍්‍රඩකයන් එයින් දිරිමත් වේවි කියලයි....”

”ඒත් අපි පස්සේ තමයි දැනගත්තේ ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක් නොවේ කියලා..ඒ නිසා අපි කොඩිය ඉවත් කරගත්තා. ඒක ප‍්‍රශ්නයක් නෙමේ” යයිද ෆෝඩ් මහතා පැවසීය.

”මා නම් රොඩ්ට කතා කළේය නෑ. ඒත් තුන්වැනි විනිසුරුවරයාගෙන් එයාට පණිවුඩය ලැබෙන්න ඇති. එයා ඇන්ජලෝගෙන් සමාව ඉල්ලා සිටියා....ඒක හරිම හොඳ දෙයක්. අපි මෙතැන් සිට ඉදිරියට යනවා” යයිද ෆෝඩ් මහතා පැවසීය.

වත්මන් කි‍්‍රකට් නීති රීති අනුව කී‍්‍රඩකයකු දැවී ගිය අවස්ථාවකදී අදාළ පන්දුවේ නීත්‍යානුකූලභාවය පිළිබඳ තුන්වැනි විනිසුරුවරයාගෙන් විමසීමට විනිසුරුවන්ට බලය තිබේ. එහෙත් තමන් විසින් පන්දුවක් නීත්‍යානුකූල නොවන ‘නිපන්දුවක්’ වශයෙන් නම්කරන ලද අවස්ථාවකදී තමන්ගේම තීරණයේ නිරවද්‍යතාව පිළිබඳව තුන්වැනි විනිසුරුවරයාගෙන් විමසීමට පිටිය මැද සිටින විනිසුරුවරුන්ට නොහැකිය.

විස්ඩන් ශ්‍රී ලංකා ඇසුරෙනි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 June 2016 09:34