May 07, 2024

ඊයේ කෞෂාල් ශ්‍රී ලංකා පිල ශක්තිමත් කළේ මෙහෙමයි (VIDEO)

ඊයේ (10) ශ්‍රී ලංකාව සහ එංගලන්ත ක්‍රිකට් පිල අතර පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් තරඟයේ දෙවන දිනයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමට සමත් විය.

එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවත්වෙන මෙම තරඟාවලියේ දී ඊයේ දිනය වනවිට එංගලන්ත ක්‍රීඩකයින් පළමු ඉනිම සඳහා ලකුණු 416කට දවාලීමට ශ්‍රී ලංකා ප්දු යවන්නන් සමත් වූ අතර එහිදී රංගන හේරත් ලකුණු 81කට කඩුලු 4ක් බිඳ හෙලී්‍ය.

එමෙන්ම සුරංග ලක්මාල් ලකුණු 90කට කඩුලු 3ක් බිඳ හෙලීය.

මේ අතර එංගලන්තය වෙනුවෙන් Jonny Baristow ලකුණු 167ක් රැස් කළේය.

ඊයේ දිනයේ තරඟය නතර කරන විට ශ්‍රී ලංකා පිල එක් කඩුල්ලක් දැවී ලකුණු 162ක් ලබා සිටියේ ය.

එහිදී විශිෂ්ඨ පිතහරඹයක යෙදුණු කෞෂාල් සිල්වා හතරේ පහර 10ක් සමඟ නොදැවී ලකුණු 79ක් රැස් කරගත් අතර දිමුත් කරුණාරත්න ලකුණු 50ක් රැස් කළේය.

තරඟයේ විශේෂ අවස්ථා ඇතුළත් වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 11 June 2016 09:36