May 08, 2024

ෂරපෝවාටත් තහනම් උත්තේජක චෝදනාවක්

ලොව ප්‍රමුඛ පෙළේ හිටපු ටෙනිස් ක්‍රීඩිකාවක වන රුසියානු ජාතික මාරියා ෂරපෝවා තහනම් උත්තේජක චෝදනාවකට ලක්ව තිබේ.

මෙම වසරේ ජනවාරි මස නිමාවට පත්වූ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ දී ඇයගෙන් ලබාගත් මුත්‍රා සාම්පලවල එම තහනම් උත්තේජක සංඝටක ඇතුළත් බව පරීක්ෂණවලින් තහවුරු වූ අතර එහි වගකීම ෂරපෝවා විසින් බාරගෙන ඇති බව වාර්තා වේ.

එහි ප්‍රතිඵලයක් ලෙස මාරියා ෂරපෝවාට වසර 2ක තරඟ තහනමක් පැනවීමට ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනය කටයුතු කර තිබේ.

තහනම් උත්තේජකයක් බව පැවසෙන එකී ඖෂධය තමන් 2006 වසරේ සිට භාවිතා කළ බවත්, ඒ හදවත් රෝගයක් සඳහා බවත් පවසා ඇති ඇය 2016 ජනවාරී 01 වැනිදා එය තහනම් උත්තේජකයක් බවට නම්කර ඇති බව ද කියා සිටියා ය.

නමුත් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ජගත් ටෙනිස් සම්මේලනය ගනු ලැබූ අදාළ තීරණයට එරෙහිව ඇයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 09 June 2016 16:58