May 07, 2024

තහනමෙන් පසු කුසල්ගේ ප්‍රථම තරගය අද

ලන්ඩනයේ ලෝවිස් ක්‍රීඩාංගනයේ දී අද (09) දින පැවැත්වෙන ශ්‍රී ලංකා -  එංගලන්ත තුන්වන ටෙස්ට් තරඟය සඳහා අති විශාල ප්‍රේක්ෂක සහභාගීත්වයක් අපේක්ෂා කරන බව වාර්තා වේ.

අද දිනය ආරම්භ වනවිටත් ලක්ෂයකටත් වැඩි ප්‍රවේශපත්‍ර අලෙවි වී ඇති බවත් 4වන දිනට වෙන කර තිබූ ප්‍රවේශ පත්‍රවලින් ඉතිරිව ඇත්තේ 1500ක් පමණක් බවත් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට බලාපොරොත්තුවක් ඇති කරමින් තහනම් උත්තේජක චෝදනාවලින් නිදහස් වූ ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා ද ක්‍රීඩා කිරීමට නියමිතය.

තරඟ 3කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟ දෙක ජයගනු ලැබුවේ එංගලන්ත කණ්ඩායම විසිනි.

ඒ අනුව අද ආරම්භ වන තුන්වන ටෙස්ට් තරඟය ද එංගලන්ත කණ්ඩායම ජයගනු ඇති බවට එරට ක්‍රීඩාලෝලීන් දැඩි අපේක්ෂාවකින් පසුවන බව වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 09 June 2016 10:04