April 27, 2024

එංගලන්ත එක් දින තරඟයට ක්‍රීඩකයින් 5ක් කැඳවේ

එංගලන්තයට එරෙහි එක් දින තරඟය සඳහා ෆර්වේස් මහරුෆ් මහතා, උපුල් තරංග මහතා, එස්. ප්‍රසන්න මහතා සුරාජ් රන්දීව් මහතා සහ ධනුෂ්ක ගුණතිලක මහතා යළි කැඳවා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතරත්, ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතරත් පැවැත්වීමට නියමිත එක්දින තරගාවලි සඳහා තෝරා ගැනීම් සිදු කිරීමට අදාළව මෙම ක්‍රීඩකයින් 5දෙනා එංගලන්තයට පිටත් කර හැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. 

මේ වනවිට එංගන්තයේ ටෙස්ට් තරගාවලිය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම හා මෙම ක්‍රීඩකයන් එක්වීමට නියමිත අතර ඔවුන් සියලු දෙනා අතරින් අවසන් එක්දින සංචිතය තෝරා ගැනීමට නියමිත බව වාර්තා වේ.

අයර්ලන්තය හා එක්දින තරග 02කට මෙන්ම එංගලන්තය හා එක්දින තරග 05කට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (08) දින මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ එම ක්‍රීඩකයින් පිරිස ඉක්මනින්ම එංගලන්තය බලා පිටත්වනු ඇති බවයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 08 June 2016 16:21