April 27, 2024

කුසල් ජනිත් තමන්ට එල්ල වූ බලපෑම් ගැන හෙළිකරයි

තමා මාස 6කටත් වැඩි කාලයක් ක්‍රීඩා නොකර සිටියේ ශාරීරික වශයෙන් සහ මානසික වශයෙන් එල්ල වූ විවිධ බලපෑම් නිසා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා මහතා පවසයි.

ඒ සම්බන්ධව අදහස් දක්වමින් ඔහු කියාසිටියේ හෙට (09) දිනයේ ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟවලියේදීවත් තමන්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණහොත් එය ඔහු ලබන ජයග්‍රහණයක් බවයි.‍

කෙසේවුවත් තහනම් උත්තේජක චෝදනාවලින් නිදහස් වූ කුසල් ජනිත් මහතාව එංගලන්ත සංචාරය සඳහා නම් කෙරුණ ද ඔහු හෙට දිනයේ පැවැත්වෙන ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බව වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 08 June 2016 09:19