April 27, 2024

කොදෙව්වන් පැරදූ ඕස්ට්‍රේලියාවට ජය

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන තුන්කොන් එක්දින තරඟාවලියේ ඊයේ (05) පැවති තරඟයෙන් කොදෙව් ක්‍රීඩකයින් පරදා කඩුලු 6ක ජයක් ලැබීමට ඕස්ට්‍රේලියානු පිල සමත් වී තිබේ.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් කොදෙව් ක්‍රීඩකයින් සියලුදෙනා දැවී පන්දුවාර 32යි පන්දු 3කදී  ලකුණු 116ක් ලබා ගැනීමට සමත් වී ඇත.

ලකුණු 117ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් පන්දුවාර 25යි පන්දු 4කදී එම ලකුණු සීමාව පසුකර යන්නට සමත් වීය.

මේ අතර පසුගිය 3වනදා දකුණු අප්‍රිකාව සමඟ පැවති තරඟාවලියේ පළමු තරඟය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීසට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වූ බව ද වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 06 June 2016 12:18