April 27, 2024

ටෙස්ට් ක්‍රිකට් වෙනස් වෙයි

2019 වසරේ සිට ටෙස්ට් ක්‍රීකට් ක්‍රීඩාවට ලීග් ක්‍රමය යටතේ තරඟ හඳුන්වාදීමට කටයුතු කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක ඩේව් රිචඩ්සන් මහතා ප්‍රකාශ කරයි.

එංගලන්ත කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මයිකල් වෝන් කළ යෝජනාවකට අනුව අදාළ ලීග් ක්‍රමය හඳුන්වාදීමට නියමිත බව වාර්තා වේ.

ICC හි ප්‍රධාන විධායකවරයා සඳහන්කළේ මෙහි අරමුණ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව තුළ වඩාත් තරඟකාරී බවක් ඇති කිරීම බවයි.

ලීග් ක්‍රමය යටතේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන කණ්ඩායම්වලට තමන්ගේ දක්ෂතා තවදුරටත් ඉහළ මට්ටමට ගෙන ඒමට එමඟින් හැකිවනු ඇත.

Rate this item
(0 votes)
Last modified on Friday, 03 June 2016 09:03