April 27, 2024

ක්‍රීඩා ඇමති ගැන ඩිල්ෂාන්ගෙන් ප්‍රකාශයක් (VIDEO)

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සමග තමා ගැටුමක් ඇතිකරගෙන තිබෙන බවට සඳහන් කරමින් සමාජ ජාල වෙබ් අඩවි හරහා ප්‍රචාරය වන පුවත් සියල්ල අසත්‍ය බව සුපිරි පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන්කළේ තමාට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා බලකළ බවට ප්‍රචාරයවන අසත්‍ය පුවත්වලට තම ට්විටර් ගිණුම හරහා පිළිතුරු ලබා දෙමිනි.

අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ ටී.එම් ඩිල්ෂාන් මහතා අතර ගැටුමක් ඇති වූ බවට සහ ඩිල්ෂාන් මහතා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබේ.

දයාසිරි ජයසේකර මහතා මාස ගණනාවකින් තමන්ට හමුවී නොමැති බවත් අවසන්වරට ඔහු හමුවූයේ බංග්ලාදේශයේ පැවති ආසියානු කුසලාන තරගාවලියේ දී බවත් ඔහු මෙහිදී කියාසිටී.

මෙවැනි තත්ත්වයක් මත තමා සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර ගැටුමක් ඇති බවට සඳහන් කරමින් ගෙනයන අසත්‍ය ප්‍රචාර පිළිබඳ කණගාටුවණ බව ද ඒ මහතා සඳහන් කරයි.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 02 June 2016 17:03