May 19, 2024

දිල්ලි ඩෙයාඩෙවිල්ස් කන්ඩායමට කඩුලු 07 ක ජයක් 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (12) පැවති තරගයක දී හයිද්‍රාබාද් කණ්ඩායම පරදවා කඩුලු 07 ක ජයක් ලැබීමට දිල්ලි ඩෙයාඩෙවිල්ස් කන්ඩායම සමත් වී තිබේ.

පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 08 ක් දැවී ලකුණු 146 ක් රැස් කළ අතර දිල්ලි කණ්ඩායම පන්දුවාර 18 යි එක් පන්දුවක දී කඩුලු 03 ක් දැවී ලකුණු 150 ක් ලබමින් තරගයේ ජය හිමිකර ගනු ලැබී ය.

මෙතෙක් පැවති තරගවල දී හයිද්‍රාබාද් කණ්ඩායම ප්‍රසාද ලකුණු 14 ක් ලබා ප්‍රථම ස්ථානයේ පසුවන අතර දිල්ලි කණ්ඩායමට හිමි වී ඇත්තේ තුන්වන ස්ථානයයි. 

ගුජරාට් කණ්ඩායම ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසු වේ. 04වන සහ 05 වන ස්ථාන හිමි ව ඇත්තේ කොල්කටා සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම්වලට ය.

 

Rate this item
(0 votes)