May 19, 2024

ක්‍රිකට් සභාපති ඉල්ලා අස්වෙයි 

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂෂෑන් මනෝහාර් මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ.

ඔහු සිය ඉල්ලා අස්වීම ලිපියක් මගින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුවත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එමෙන්ම ඔහු විසින් දරනු ලැබූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඉන්දීය නියෝජිත තනතුරෙන් ද ඉවත් ව තිබේ.

එලෙස ඉල්ලා අස්වීමට පැහැදිලි හේතුවක් දක්වා නොමැති වුව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුර සඳහා ස්වාධීන අපේක්ෂයෙකු ලෙස ඉදිරිපත්වීමට ඔහු එලෙස එම තනතුරෙන් ඉවත් ව ඇති බවට වාර්තා වේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති ජග්මෝහන් ඩාල්මියා මියයාමෙන් අනතුරු ව ඔහු එම තනතුරට පත් වූයේ 2015 වසරේ දී ය.

ඒ අනුව බී.සී.සීයේ සභාපති ධූරය කෙටි කාලයක් තුළ  දරනු ලැබූ පුද්ගලයා බවට ඔහු පත් වේ.

 

Rate this item
(0 votes)