May 19, 2024

පළමු ටෙස්ට් තරගයට බලපෑමක්?

ශ්‍රී ලංකාව සහ එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන පුහුණු තරගයේ දෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිම සඳහා කඩුලු දෙකක් දැවී ලකුණු 42ක් ලබා සිටී.

ශ්‍රී ලංකාව මුල් ඉනිමේ දී ලකුණු 254කට දැවී ගිය අතර එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 412ක් ලබා පන්දුවට පහරදීම අත්හිටවනු ලැබී ය.

එහි දී ජයික් මිකෙල්බරෝ ලකුණු 109ක් ලබා ගත් අතර, ටොම් වෙස්ට්ලි ලකුණු 108ක් රැස් කර ඇත.

ධම්මික ප්‍රසාද් ලකුණු 78කට කඩුලු 02ක් ලබා ගත් අතර ඔහු එහි දී පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් පිටියෙන් ඉවත් ව තිබේ.

ධම්මික ප්‍රසාද්ගේ කායික ආබාධය ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මැයි 19 වැනි දා ආරම්භවීමට නියමිත පළමු ටෙස්ට් තරගය සඳහා බලපෑමක් සිදුකරනු ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය සඳහන් කරයි.

 

Rate this item
(0 votes)