May 19, 2024

සිංහයෝ පළමු අභියෝගයට මුහුණ දෙයි

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය මැයි 19 වැනි දා සිට ලීඩ්ස්හි දී පැවැත් වේ.

ඊට පෙර ඔවුන් එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම සමග අද (08) සිට තුන්දින පුහුණු තරගයකට ද සහභාගිවීමට නියමිතයි.

ශ්‍රී ලංකාව, එංගලන්තය සමග ටෙස්ට් තරග 03කට සහ එක්දින තරග 05කට සහභාගිවන අතර කණ්ඩායම් දෙක අතර එක් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක් ද පැවැත් වේ.

මෙවර ගිම්හානය එංගලන්ත වාසීන් උණුසුම් වා දහරක් ලෙස හැඳින්වුව ද එංගලන්තයේ සංචාරයක් සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට එය තවදුරටත් ශීතල කාලගුණයක් බව වාර්තා වේ.

එය කණ්ඩායම මුහුණ දෙන ප්‍රථම අභියෝගය ලෙස සලකන බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් එංගලන්තයේ දී සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් සඳහන් කර තිබේ.

 

Rate this item
(0 votes)