May 19, 2024

විස්සයි විස්සේ නවසීලන්තය එකට - ලංකාව අටට

පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ නවතම ලැයිස්තුවට අනුව ශ‍්‍රී ලංකාවට හිමි ව ඇත්තේ 08 වැනි ස්ථානයයි.

ලංකාවට එහි දී හිමි ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 98කි. 

ඉතිහාසයේ පළමු වරට නවසීලන්ත කණ්ඩායම පන්දුවාර විස්ස ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ප‍්‍රථම ස්ථානයට පැමිණ තිබේ. දෙවැනි ස්ථානයට පත් ව ඇත්තේ ඉන්දියාවයි.  

ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තුන්වන ස්ථානයටත් දකුණු අප‍්‍රිකාව සිව්වැනි ස්ථානයටත් නම් කර තිබේ.

පිළිවෙලින් පස්වන, හයවන සහ හත්වන ස්ථානවල පසුවන කණ්ඩායම්වන්නේ එංගලන්තය, ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්ථානයයි.

 

Rate this item
(0 votes)