May 19, 2024

පූනේ කණ්ඩායමට ජය 

ඉන්දීය ප්‍රරිමියර් ලීග් තරගාවලියේ ඊයේ (05) පැවති තරගයක දී දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම කඩුලු 07කින් පැරදවීමට රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම සමත් ව තිබේ.

පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම කඩුලු 07 ක් දැවී ලකුණු 162 ක් රැස් කර තිබේ.

පිළිතුරු වශයෙන් පූනේ කණ්ඩායම පන්දුවාර 19 යි පන්දුවක දී කඩුලු 03 ක් දැවී ලකුණු 166 ක් ලබමින් තරගයේ ජය හිමිකර ගනු ලැබී ය.

අජින්ක්‍යා රහානේ නොදැවී ලකුණු 63 ක් රැස් කළ අතර, 19වන පන්දුවාරයේ පළමු පන්දුවෙන් නායක මහේන්ද්‍රසිං දෝනි දැවී යාමෙන් පසු තිසර පෙරේරා 06 පහර දෙකක් එල්ල කරමින් පූනේ කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයට රැගෙන ගොස් ඇත.

20 වන පන්දුවාරයේ පළමු පන්දුවේ දී රහානේගේ 04 පහරකින් පූනේ කණ්ඩායමේ ජය තහවුරු විය.

 

Rate this item
(0 votes)