May 09, 2024

2016 ජාතික ක්‍රීඩා උත්සවය යාපනයේ දී 

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් 2016 ජාතික ක්‍රීඩා උත්සවය පැවැත්වීමට නියමිත දුරෙයිඅප්පා ක්‍රීඩාංගණය නිරීක්ෂණය චාරිකාවක නිරත වී ඇත.

එම චාරිකාවට ප්‍රථම ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රුවන් චන්දන මහතා සහ සෙසු නිලධාරීන් පිරිසක් ආණ්ඩුකාරවරයා සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.

ප්‍රථම වතාවට මෙවැනි ජාතික තරගාවලියක් උතුරු පළාතට රැගෙන එම තුළින් උතුරු දකුණු සංහිඳියාව මෙන් ම ජ්‍යාත්‍යන්තර සන්හිඳියාව ද වර්ධනයවන බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ ය.

නිලධාරීන් සමග සාකච්ඡාවෙන් අනතුරු ව යාපනයේ දුරෙයිඅප්පා ක්‍රීඩාංගණය වෙත ගිය උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ක්‍රීඩාංගණය සහ ක්‍රීඩාංගණය අවට නිරීක්ෂණ චාරීකාවක නිරත විය.

ක්‍රීඩාගාරයේ ඇති අඩුපාඩු සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත්‍යාවශ්‍ය පහසුකම්වල අඩුපාඩුද ආණ්ඩුකාරවරයා විසින් එම නිලධාරීන් සමග සාකච්ඡා කළ අතර එම අඩුපාඩු ඔවුන්ට හැකි ඉක්මනින් පිළිසකරදීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.

 

Rate this item
(0 votes)