May 09, 2024

විශිෂ්ටතම එක්දින ක්‍රීඩක සටනට සනත් හා සංගා

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් වෙබ් අඩවියක්වන ක්‍රිකට් ඩොට්කොම් ඔස්ට්‍රේලියා (cricket.com.au) වෙබ් අඩවියෙන් මේ දිනවල ලොව විශිෂ්ටතම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා තේරීම සිදුකරන අතර එහි දී අවසන් ක්‍රීඩක 16 දෙනා අතරට තේරී පත්වීමට ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය හා කුමාර් සංගක්කාර සමත් ව තිබේ. 

කෙසේ වුව ද ලොව විශිෂ්ටතම එක්දින ක්‍රීඩකයා තේරීමේ ඡන්ද සටනට ශ්‍රී ලංකාවෙන් අරවින්ද ද සිල්වා, ටී.එම්. ඩිල්ෂාන්, මහේල ජයවර්ධන, සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර, චමින්ද වාස් හා ලසිත් මාලිංග තෝරාගෙන ඇත.

එම ක්‍රීඩකයන් 08 දෙනාගෙන් මේ වනවිට අවසන් ක්‍රීඩකයන් 16 දෙනා අතරට පිවිසීමට සමත් ව ඇත්තේ සනත් ජයසූරිය හා කුමාර් සංගක්කාර පමණි. 

 

Rate this item
(0 votes)