May 09, 2024

ශ්‍රි ලංකා පිල පිටත් වීමට සූදානම් (PHOTOS)

ශ්‍රී  ලංකාව හා එංගලන්තය අතර ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (04) දිවයිනෙන් පිටව යාමට නියමිතය.

අද උදෑසන ඔවුන් දිවයිනෙන් පිටත්වීමට පෙර ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආගමික වතාවත්වල නිරත වූ බව වාර්තා වේ.

එංගලන්ත ක්‍රිකට් පි‍ලේ ප්‍රධාන පුහුණුකරු හා සහාය පුහුණුකරු ‍ මීට පෙර ශ්‍රී ලංකා පිල සමග කටයුතු කර ඇති නිසා ශ්‍රී ලංකා පි‍ලේ ක්‍රීඩකයන්ගේ දුර්වලතා මෙන්ම දක්ෂතා ද ඔවුන් දෙදෙනා හොඳින් දැන සිටීම මෙවර ශ්‍රී ලාංකිකයන්ට එල්ලවන අභියෝගයක් වනු ඇතැයි අදහස් ප්‍රකාශ වේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකා පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මීට පෙර සරේ ප්‍රාන්ත පි‍ලේ පුහුණුකරු ලෙස කටයුතු කළ නිසාවෙන් එංගලන්ත ක්‍රීඩා පිටිවල ස්වභාවය ගැන හොඳින් දැන සිටීම ශ්‍රී ලංකා පිලට ද වාසියක් බව සඳහන් වේ.

ඡායාරූප පහතින්.

13103304_10154122458797973_395462739449332676_n

 

13124790_10154122459007973_3160227388506306129_n

13138818_10154122464477973_7866221342762044331_n

13165995_10154122458497973_1825975012346482524_n

13173639_10154122465002973_358783641792633169_n

13173857_10154122459522973_8712804267898347972_n

1

2

Rate this item
(0 votes)
Last modified on Wednesday, 04 May 2016 12:46