May 09, 2024

ශ්‍රී ලංකාව අද එංගලන්ත සංචාරය අරඹයි

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ආරම්භවීමට නියමිත, ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරගාවලිය සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (04) ශ්‍රී ලංකාවෙන් පිටත් ව යාමට නියමිතයි. 

තරගාවලිය ආරම්භ කරමින් පළමුව ටෙස්ට් තරග තුන පැවැත්වෙන අතර ඒ සඳහා නම් කළ ටෙස්ට් සංචිතය අද දිවයිනෙන් පිටත් වේ.

2014 වසරේ දී ශ්‍රී ලංකා එංගලන්තයේ සංචාරයක නිරත වූ අතර එම තරගාවලියේ එක්දින, ටෙස්ට් හා විස්සයි20 තරග සියල්ලම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූයේ එංගලන්තයේ ලබාගත් පළමු පූර්ණ තරග ජයග්‍රහණය වාර්තා කරමිනි.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළැඹෙන 19 දා ලිඩ්ස්හි දී ආරම්භ වීමට නියමිතයි. 

Rate this item
(0 votes)