May 09, 2024

ගේල්ගේ වාර්තාව බිඳ වැටෙයි?

විස්සයි20 තරගයක දී පන්දු 21කින් ශතකයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව්හි ට්‍රිනිඩෑඩ් හා ටුබැගෝ කණ්ඩායමෙ ඉරාක් තෝමස් සමත් ව තිබේ.

ට්‍රිනිඩැට් ක්‍රිකට් සංගමය සංවිධානය කළ එම තරගයේ දී තෝමස් පන්දු 31 කදි ලකුණු 131ක් රැස් කර ගෙන තිබේ. ඔහුගේ ඉනිමට හයේ පහර 15ක් වාර්තා වී ඇත.

ඉන්දීය ප්‍රිමියර්ලිග තරගාවලියේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් එවකට පූනේ වොරියසර් කණ්ඩායමර එරෙහිව ක්‍රිස් ගේල් පන්දු 30කින් ශතකයක් වාර්තා කිරීම විස්සයි20 පිටියේ වේගවත්ම ශතකය ලෙසින් වාර්තා පොතට ඇතුළත් ව තිබේ.

කෙසේ වුව ද තෝමස්ගේ නව වාර්තාවෙන් ගේල්ගේ වාර්තාව බිඳ වැටෙනු ඇති බව ක්‍රිකට් විචාරකයෝ පවසති.

 

Rate this item
(0 votes)