May 09, 2024

බ්‍රෙන්ඩන්ගේ නායකත්වය විලියම්සන්ට

කේන් විලියම්සන් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩාමේ සියලු ආකාරයේ තරග සඳහා නායකත්වයට පත් කර තිබේ.

විලියම්සන් 2010 වසරේ සිට නවසීලන්ත කණ්ඩාමේ නිත්‍ය සාමාජිකයෙවන අතර ඔහු එක්දින සහ විස්සයි විස්ස තරග 36කදී මීට පෙර නවසීලන්තය මෙහෙයවනු ලැබී ය.

ඉන්දියාවේ පැවති පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී කේන් විලියම්සන්ගේ නායකත්වය බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක් විය.

ඉන් අනතුරු ව ඔහු නවසීලන්ත ටෙස්ට්ක ණ්ඩායමේ ද නායකයා ලෙස පත්කර ඇත.

1930 වසරේ සිට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන නවසීලන්තයේ 134 වැනි ටෙස්ට් නායකයාවන්නේ විලියම්සන් ය. 

විලියම්සන් නවසීලන්ත නායකත්වයට පත්වන්නේ හිටපු නායක බ්‍රෙන්ඩන් මැකලම් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමත් සමග ය.

 

Rate this item
(0 votes)