May 09, 2024

නුවරඑළිය අවසත් තුරග තරග අද 

නුවරඑළිය වසන්ත සැණකෙළිය වෙනුවෙන් රෝයල් ටර්ෆ් ක්‍රීඩා සමාජය සංවිධානය කරන තුරග තරග මාලාවේ අවසන් තරය අද (30) නුවරඑළිය තුරග තරග පිටියේ දී පැවැත් වේ.

රෝයල් ටර්ෆ් සමාජය මගින් මාර්තු 20, අප්‍රේල් 10, 16 හා 23 දිනවල තරගාවලිය හතරක් සාර්ථක ව පවත්වා ඇති අතර අශ්ව හිමියන් 28 දෙනෙකුට අයත් අසුන් එම තරගටවල තරග වදිද්දී 50000කට අධික ප්‍රේක්ෂක පිරිසක් සජීවීව ද, මිලියන 04කට අධික පිරිසක් රූපවාහිනියෙන් ද තරග නරඹා තිබේ.

තරගාවලියේ මේ දක්වා මුදල් ත්‍යාග ලෙස රුපියල් ලක්ෂ 90ක් පිරිනමා  තිබේ. තරගාවලිය සඳහා ඩුබායි, කටාර්, එංගලන්තය හා ජපානයේ සිට ශ්‍රී ලංකා අසුන් මෙහෙයවන්නන් 13කු පැමිණ ඇති බවත් ඊට අමතර ව ඉනදීය ජාතික අසුන් මෙහෙයවන්නෙකු ද තරගාවලියට එක් ව සිටින බව වාර්තා වේ.

සුරංජිත් ප්‍රේමදාසගේ සභාපතිත්වයෙන් යුතුව රෝයල් ටර්ෆ් ක්‍රීඩා සමාජය පිහිටුවා කෙටි කාලයකින්ම ජාත්‍යන්තර නිතිරීතිවලට අනුව පැවැත් වූ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය මගින් අසුන්නේ තහනම් උත්තේජක පරික්ෂාව ද සිදු කරනු ලැබී ය.

අද පැවැත්වෙන තරගයට ඉන්දියාවේ ඌෂා අශ්ව ගොවිපොළ අනුග්‍රහය දක්වන අතර ජුලි අවසන් වනවිට විදේශීය අසුන් 60ක් ආනනය කොට තවත් අශ්ව හිමියන් 20ක් බිහිකොට තරගාවලිය පුළුල් කිරීමට ද තරග සංවිධායකයෝ සූදානමින් සිටිති. අද තරගයෙන් අනතුරු ව නැවතත් තරග ආරම්භවන්නේ අගෝස්තු මාසයේ දී ය.

 

Rate this item
(0 votes)