May 09, 2024

මාලිංග වෛද්‍ය උපදෙස්වලට පිටින් යයි

ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ලසිත් මාලිංග වෛද්‍ය උපදෙස්වලට පිටින් ක්‍රියා කර ඇති බව ඔහුට ප්‍රතිකාර කරන ඕස්ට්‍රේලියාවේ සිටින වෛද්‍ය කන්නන්ගර මහතා සඳහන් කරයි.

මාලිංගට ඉකුත් ජනවාරි මාසයේ දී ඔහුගේ අබාධය පරික්ෂා කිරීමෙන් අනතුරුව මස 06ක කාලයක් විවේක ගන්නා ලෙස උපදෙස් දුන් බව ඔහු පවසයි.

එහෙත් ඔහු එම උපදෙස් නොතකා ආසියානු කුසලාන 20 -20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වී ඇති බව වෛද්‍ය කන්නන්ගර මහතා පෙන්වා දෙයි.

මෙලෙස උපස්දෙස් පිළි නොපැදීම මාලිංගගේ අබාධය දරුණුවීමට බලපා ඇති බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

Rate this item
(0 votes)