April 26, 2024

සචිත්‍රගේ පරීක්ෂණය කාඩිෆ් විශ්වවිද්‍යාලයේ 

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් සිදුකිරීමට නියමිත පරීක්ෂණයට ප්‍රථමයෙන් සචිත්‍ර සේනානායක කාඩිෆ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂණයකට යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

එක්දින තරගාවලියේ නිමාවත් සමග ශ්‍රී ලංකාවට පැමිණි සචිත්‍ර කාඩිෆ් පරීක්ෂණය සඳහා ඉකුත් 09 වැනිදා රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.

ඒ අනුව සචිත්‍රගේ පරීක්ෂණය 10 වැනිදා හෝ 11 වැනිදා  සිදුවීමට නියමිතයි.

Rate this item
(0 votes)