May 09, 2024

එංගලන්ත සංචාරයට සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය සඳහා ශ්‍රි ලංකා සංචිතය නම් කිරීමට නව ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ. 

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ටෙස්ට් සංචිතයට ක්‍රීඩකයන් 17 දෙනෙකු ඇතුළත් වේ.

කණ්ඩායමේ උපනායකත්වයට දිනේෂ් චන්දිමාල් පත් කර තිබේ. ළහිරු තිරිමාන්න ද කණ්ඩායමට ඇතුළත් වේ. නවක ක්‍රීඩකයන්වන ධනංජය සිල්වා හා දසුන් ශානක ද කණ්ඩායමට කණ්ඩායමට කැඳවා තිබේ.

තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන 04 වැනා දා එංගලන්තය බලා පිටත් ව යාමට නියමිතයි.

 

Rate this item
(0 votes)