May 03, 2024

ජෝර්ඩ්න් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට?

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක‍්‍රීඩක ක‍්‍රිස් ජෝර්ඩ්න් සසෙක්ස් ප‍්‍රාන්ත ක‍්‍රීඩා සමාජයෙන් ඉවත් වී අයි.පී.එල්. තරගාවලියේ කී‍්‍රඩා කරන රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එකතුවීමට සූදානම්වන බව වාර්තා වේ.

එහෙත් ඒ වෙනුවෙන් එංගලන්තයට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව වීසිකර දැමීමට ජෝර්ඩ්න් සූදානම්වන්නේ ද යන පැනයට පිළිතුර සොයා ගැනීම සඳහා මැයි 06 වැනි දා වනතුරු බලා සිටීමට සිදු වී තිබේ.

දකුණතින් වේගපන්දු යවන කි‍්‍රස් ජෝර්ඩ්න් එංගලන්ත ප‍්‍රාන්ත තරගාවලියේ මෙවර ගිම්හානයේ දී කිසිදු තරගයක් ක‍්‍රීඩා කර නොමැති අතර වැලමිටේ ආබාධයකින් පෙළෙමින් සිට මේ වනවිට සුවය ලබමින් සිටී. 

ආබාධයක් හේතුවෙන් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමෙන් ඉවත් වූ ඕස්ටේ‍්‍රලියානු වේගපන්දු යවන ක‍්‍රීඩක මිචෙල් ස්ටාක් වෙනුවට කි‍්‍රස් ජෝර්ඩ්න් කැඳවා තිබේ.

ළඟ දී අවසන් වූ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ දී එංගලන්ත කණ්ඩායමේ ප‍්‍රධාන පන්දු යවන්නකු වශයෙන් ජෝර්ඩ්න් කටයුතු කළේ ය.

පසුගිය පෙබරවාරී මාසයේ පැවැති කී‍්‍රඩක වෙන්දේසියේ දී කිසිදු සමාගමක් ඔහුව මිළ දී නොගත් අතර ආබාධයකට ලක් ව සිටින මාර්ක් වුඩ් වෙනුවට එළැඹෙන මාසයේ දී ශ්‍රී ලංකාව සමගින් ආරම්භවන තරගාවලියේ ටෙස්ට් සංචිතය සඳහා ද ජෝර්ඩ්න් කැඳවා ඇත.

මැයි 06 වැනි දා වනවිට එක්සත් රාජධානියට පැමිණෙන ලෙස එංගලන්ත ටෙස්ට් සංචිතයේ සිටින ක‍්‍රීඩකයන්ගෙන් ඉල්ලීමක් කර ඇතත් එදින වනවිට කි‍්‍රස් ජෝර්ඩ්න් එංගලන්ත කණ්ඩායමට එක්වේ ද යන්න සැක සහිත ය. එංගලන්තයේ ප‍්‍රධානතම විස්සයි20 තරගාවලිය මැයි මස 20 වැනි දා ආරම්භවන අතර අයි.පී.එල්. තරගාවලිය අවසන්වන්නේ මැයි මස 29 වැනිදා ය.

Rate this item
(0 votes)