May 03, 2024

කොදෙව්න්ට වැඩ වරදින ලකුණු 

නිමා වූ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයෙන් පසුව කොදෙව් ක්‍රීඩකයන් හැසුරුණු ආකාරය සුදුසු නොවන බවත් ඔවුන්ට එරෙහිව දඩ පැනවීම හා තරග තහනම් පැනවිමට කටයුතු කිරීමට අයි.සී.සීය සූදානම්වන බවත් වාර්තා වේ.

ඩුබායි හි පැවැති අයි.සී.සී. රැස්වීමේ දී ඔවුන් එම තීරණයට පැමිණ තිබේ. තරගයෙන් අනතුරු ව කොදෙව් නායක ඩැරන් සැමී හා ඩ්වේන් බ්‍රාවෝ කොදෙව් ක්‍රිකට් ආයතනය හා එහි නිලධාරින් විවේචනය කිරීමට කටයුතු කළේ ය.

අවසන් මහ තරගයෙන් අනතුරු ව කොදෙව් ක්‍රීඩකයන් හැසිරුණ ආකාරය ලෝක මට්ටමේ තරගයකට උචිත නොවන බව ප්‍රකාශ කරන අයි.සී.සීය ක්‍රිකට් යනු ජය හා පරාජයේ දී අනෙකාට ගරු කරන ක්‍රීඩාවක් බව ද සඳහන් කරයි.

 

Rate this item
(0 votes)