May 03, 2024

මාලිංගගේ වාර්තාව අද

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මහතාගේ ආබාධය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතයේ වෛද්‍ය කමිටුව සැකසූ වාර්තාව අද (26) දිනයේ දී ක්‍රිකට් ආයතනයට භාරදෙන බව එම කමිටුවේ සාමාජික මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරයි.

ලසිත් මාලිංග මහතා පාදයේ ආබාධයක් හේතුවෙන් පසුගිය ආසියානු කුසලානයේ සිට ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා නොකළ අතර ඒ හේතුවෙන් මෙවර අයි.පී.එල්. තරගාවලිය ද අහිමි විය.

ඔහුට මාස 04 ක් විවේක ගන්නා ලෙස මාලිංග නියෝජනය කරන මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ වෛද්‍යවරු පවසා තිබේ.

එම ප්‍රකාශය තහවුරු කරමින් පසුගිය දා මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ද පැවසුවේ මාලිංගට මාස ගණනාවක් ක්‍රිකට් පිටියෙන් ඉවත් ව විවේක ගත යුතු බවයි. 

 

Rate this item
(0 votes)