May 03, 2024

'ශිවගුරුනාදන් අනුස්මරණ කුසලාන' ක්‍රිකට් තරගය මැයි 01 වැනිදා

යාපනය හින්දු විදුහල හා කොළඹ ආනන්ද විදුහල අතර 5වන වරටත් පැවැත්වෙන 'ශිවගුරුනාදන් අනුස්මරණ කුසලාන' ක්‍රිකට් තරගය මැයි 01 වැනිදා නාලන්ද විදුහල් ක්‍රීඩංගණයේදී පැවැත්වීමට නියමිතය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය හින්දු විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා සහභාගී වේ.

මෙම තරගය ‘ශිවගුරුනාදන් අනුස්මරණ කුසලාන' ලෙස නම්කර ඇත්තේ යාපනය හින්දු විදුහෙලේ ආදී ශිෂ්‍යයෙකු හා ආනන්ද විදුහලේ ගුරුවරයෙකුද වු වී.ටී.එස් ශිවගුරුනාදන් මහතා සිහිපත් කිරීමේ අරමුණ ඇතිවය.

මෙම තරගයට සමගාමීව එම විදුහල් දෙක අතර ලබන 30 වැනිදා පස්වරුවේ ඉංග්‍රීසි විවාද කණ්ඩායම් දෙක අතර විවාදයක් කොළඹ ලක්ෂ්මන් කදිරිගාමර් ආයතනයේදී පැවැත්වීමටද නියමිතය.

 

Rate this item
(0 votes)