May 02, 2024

කෝලිගේ ශතකය අපතේ යයි (VIDEO)

IPL තරගාවලියේ රාජ්කොට් හිදී පැවැති 19 වන තරඟයේදී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහිව කඩුලූ 06 ක ජයක් ලබාගැනීමට ගුජරාට් ලයන්ස් පිල ඊයේ (24) සමත්විය.

ලකුණු 181 ක ඉලක්කයක් හඹාගිය ගුජරාට් ලයන්ස් පිල කඩුලූ 4 ක් දැවී අවසන් ඕවරයේ තෙවැනි පන්දුවෙදී තම ඉලක්කය පසුකිරීමට සමත්වූ බව වාර්තා වේ.

වේගවත් ආරම්භයක් ලබා ගැනීමට ඞ්වේන් ස්මිත් සහ බ්‍රෙන්ඩන් මැකලම් සමත්වූ අතර එය දිගටම පවත්ගෙන යෑමට සුරේෂ් රයිනා සහ ඩිනේෂ් කාර්තික් (නොදැවී) සමත්වූහ.

පන්දු 39 කදී හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 50 ක් රැස්කල ඩිනේෂ් කාර්තික් තෙවැනි කඩුල්ල සදහා සුරේෂ් රයිනා සමග එක්ව පන්දු 44 කදී ලකුණු 53 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වූ අතර තරගයේ වීරයාට හිමි සම්මානය ශතකයක් රැස්කල විරාට් කෝලීට හිමිවිය.

මේ අතර ගුජරාට් කණ්ඩායමට සහය දැක්වීම සඳහා පැමිණි ගුජරාට් ප්‍රාන්තයේ නිළියක් වන පූජා ජාන්කි කාගේත් අවධානය දිනාගෙන තිබේ.

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් – ඕවර 20 කදී කඩුලූ 2 ක් දැවී 180
(විරාට් කෝලී නොදැවී 100, ඒ.බී. ඩිවිලියර්ස් 20, ලෝකේෂ් ශර්මා නොදැවී 51)

ගුජරාට් ලයන්ස් – ඕවර 19.3 කදී කඩුලූ 4 ක් දැවී 182
(ඞ්වේන් ස්මිත් 32, බ්‍රෙන්ඩන් මැකලම් 42, සුරේෂ් රයිනා 28, ඩිනේෂ් කාර්තික් නොදැවී 50)

Rate this item
(0 votes)
Last modified on Monday, 25 April 2016 10:07