May 03, 2024

ඔලිම්පික් ගිනි සිළුවේ ගමන ඇරඹේ (VIDEO)

2016 වසරේ රියෝදි ජැනැයිරෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව ඊයේ (21) නිල වශවෙන් දල්වනු ලැබීය.

එහි සමාරම්භක උළෙල ග්‍රීසියේදී පැවැත්වීය.

එහිදී ඔලිම්පික් ගිනි සිළුව දැල්වීමේ අවස්ථාව සඳහා අන්තර් ජාතික ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බාක් සහ බ්‍රසීල ඔලිම්පික් කමිටු සංවිධායකයින් එක්ව සිටි අතර ඔලිම්පික් ගිනි සිළුව මෙම මස 27 වන දා ඇතෑන්ස්හී පැන්තේනියම් ක්‍රීඩාංගනයේදී බ්‍රසීල ඔලිම්පික කමිටු සංවිධායකයින්ට භාර දීමට නියමිත ය.

අනතුරුව බ්‍රසීලයේ අගනුවර වන බ්‍රසීලියාහිදී මැයි මස 03 වන දා ඔලිම්පික් ගිනි සිළුව රැගත් චාරිකාව ගමන් ආරම්භ කිරීමට නියමිත වේ.

එමෙන්ම රියෝදි ජැනැයිරෝ ඔලිම්පික් උළෙල අගෝස්තු මස 5 වන දා සිට 21 වන දා දක්වා පැවැත්වීමට නියමිත අතර ක්‍රීඩා 28ක ඉසව් 306 ක් සඳහා තරග පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

වීඩියෝව පහතින්.

 
Rate this item
(0 votes)
Last modified on Friday, 22 April 2016 09:26