May 02, 2024

ටෙස්ට්වලට නව නීතියක්

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ දී ජයග්‍රාහකයෙකු තෝරා ගැනීම සඳහා ප්‍රසාද ලකුණු ක්‍රමයක් හඳුන්වාදීමට එංලන්තය යෝජනා කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය සමග එංගලන්තයේ දී ටෙස්ට් තරග 03කට එක්දින තරග 05කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකට සහභාගිවීමට නියමිතයි.

එංගලන්ත - ශ්‍රී ලංකා ද්වි පාර්ශවික ක්‍රිකට් තරගාවලිය මැයි 19 වැනි දා සිට ජුලි 05 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතයි. 

සමස්ත තරගාවලියේ ජයග්‍රාහකයෙකු තෝරා ගැනීම සඳහා එංගලන්තය, ප්‍රසාද ලකුණු ක්‍රමයක් යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා සනාථ කළේ ය. ඒ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේ දී තීරණයකට එළැඹෙන බව ඔහු කියා සිටී.

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පසුගිය වසරේ පැවැති කාන්තා ටෙස්ට් තරගාවලියේ දී ද ජයග්‍රාහකයෙකු තෝරා ගැනීම සඳහා ප්‍රසාද ලකුණු ක්‍රමයක් යොදා ගනු ලැබී ය.

ටෙස්ට් තරග බොහොමයක් ජය පැරදුමෙන් තොර ව අවසන්වීම එලෙස ප්‍රසාද ලකුණු ක්‍රමයක් හඳුන්වා දීමට හේතුව බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)