May 02, 2024

ඉන්දියාව ඉවතට

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේ දී ඉන්දීය කණ්ඩායම පරාජය අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

මුම්බායිහි වන්කඩේ ක්‍රීඩා පිටියේ පැවැති තරගයේ දී ඉන්දීය කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 193ක ඉලක්කය අවසන් පන්දුවාරයේ දී පසුකර යාමට කොදෙව් කණ්ඩායම සමත් විය.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ ලින්ඩ්ල් සිමන්ස් නොදැවී ලකුණු 83ක් රැස් කළේ ය.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම හා අවසන් මහ තරගයට කොදෙව්වෝ සුදුසුකම් ලැබූහ.

 

Rate this item
(0 votes)