May 02, 2024

කොදෙව්වෝ ඇෆ්ගනිස්තානයට පරදී

පන්දුවාර 20විස්ස ලෝක කුසලානයේ පළමු කාණ්ඩයේ බටහිර ඉන්දීය කොදෙව් හා ඇෆ්ගනිස්ථානය අතර තරගයෙන් ලකුණු 06 ක තියුණු ජයක් හිමි කර ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය. 

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය නියමිත පන්දුවාර විස්ස අවසන දී කඩුලු 07 ක් දැවී ලකුණු 123 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙසින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ නියමිත පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 08 ක් දැවී ලකුණු 117 ක් පමණි.

තරගයේ වීරයා සම්මානය හිමි කර ගත්තේ තරගයේ වැඩිම ලකුණු ලාභියා වූ ඇෆ්ගනිස්ථානයේ නජිබුල්ලා සද්රාන් ය.

කෙසේ වුව ද පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පෙරමුණට මෙම තරගයේ ප්‍රතිඵලය අදාළ නොවුණු අතර අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලැබූ ඇෆ්ගනිස්ථානය තරගාවලියේ සහභාගී වූ අවසන් තරගය මෙය වේ. එමෙන්ම ඔවුන් සුපිරි දසදෙනාගේ වටයේ දී ජයගත් පළමු තරගය ද මෙය විය. 

 

Rate this item
(0 votes)