May 04, 2024

විස්‌සයි විස්‌සේ තියුණුම සටන් අද ඇරඹේ

එංගලන්ත කණ්‌ඩායම විසින් ඇෆ්ගනිස්‌ථානය පරාජය කිරීමත් සමග පළමු කාණ්‌ඩයෙන් අවසන් පූර්ව තරග අවස්‌ථාව උදාකර ගැනීමට නම් ශ්‍රී ලංකාව අද (26) පැවැත්වෙන එංගලන්තය සමග තරගයත් ලබන 28 වැනි දා පැවැත්වෙන දකුණු අප්‍රිකාව සමග තරගයත් අනිවාර්යයෙන්ම ජය ගත යුතු තත්ත්වයකට පත් ව තිබේ.

අද පැවැත්වෙන තරගයේ දී එංගලන්තය විසින් ශ්‍රී ලංකාව පරාජය කළහොත් ඔවුන් පළමු කාණ්‌ඩයෙන් අවසන් පූර්ව තරග අවස්‌ථාව හිමිකර ගන්නා පළමු කණ්‌ඩායම බවට පත් වේ. 

එහෙත් ඇෆ්ගනිස්‌ථානය සමග තරගය පරාජයවීමේ ආසන්නයට ගොස්‌ යාන්තමින් ජයගත් එංගලන්ත කණ්ඩායමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගෙන් බේරීම දැඩි හිසරදයක්‌වන බව මේ වනවිට පෙනෙන්නට තිබේ. ඒ අනුව එංගලන්ත කණ්ඩායමට එරෙහිව තවත් අතිරේක දඟ පන්දු යවන්නෙක්‌ බොහෝ දුරට ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමේ අවස්‌ථාවක්‌ තිබේ.

 

Rate this item
(0 votes)