April 27, 2024

ඉන්දියාවට ලකුණක තියුණු ජයක්

විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඉන්දියා සහ බංග්ලාදේශ අතර බැංගලෝර්හී චින්නස්වාමී ක‍්‍රීඩාංගණයේ දී ඊයේ (23) පැවැති තරගයෙන් ලකුණක තියුණු ජයක් අත්කර ගැනීමට ඉන්දීය ක‍්‍රීඩකයෝ සමත් වූහ. 

ජයග‍්‍රහණය සඳහා ලකුණු 147 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ දී කඩුලු 09 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 145 ක් පමණි.

තරගය ජය ගැනීම සඳහා හර්දීක් පාණඩ්‍යයා යැවූ අවසන් ඕවරයේ දී ලකුණු 11 ක් රැස් කිරීමට බංග්ලාදේශ කණ්ඩායමට සිදු වූ අතර දෙවැනි සහ තෙවැනි පන්දුවල දී හතරේ පහර දෙකක් ලබාගත් මුෂ්ෆීකුර් රහීම් සිව්වැනි පන්දුවේ දී දැවීගිය අතර ලකුණු 18 ක් ලබාසිටි මහමදුල්ලා පස්වැනි පන්දුවේ දී දැවීගියේ ය. 

අවසන් පන්දුවට ලකුණු 02 ක් ලබා ගැනීමට තිබූ අතර මුස්ටෆීසූර් රෙහෙමාන් අවසන් පන්දුවේ දී දුවද්දී දැවී යාම හේතුවෙන් ඔවුන්ට ලකුණක පරාජයක් අත් විය.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ටමීම් ඉක්බාල් පන්දු 32 කදී හතරේ පහර 05 ක් සමගින් ලකුණු 35 ක් රැස් කළේ ය.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ තෙවැනි කඩුල්ල සදහා පන්දු 40ක දී ලකුණු 50 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට විරාට් කෝලි (24) සහ සුරේෂ් රයිනා (30) සමත් වූහ.

තරගයේ 16 වන  ඕවරයේ දී සුරේෂ් රයිනා සහ හර්දීක් පාණ්ඩ්‍යා දවාගනිමින් තරගයේ පාලනය බංග්ලාදේශ කණ්ඩායමට නතුකර දීමට අල්-අමීන් හුසේන් සමත් විය.

66 වන විස්සයි20 තරගයට සහභාගීවු මහේන්ද්‍ර සිං දෝනි ඊයේ දින ලකුණු 1000 සම්පූර්ණ කළේ ය.

ඉන්දියාව -  ඕවර 20ක දී කඩුලු 07 ක් දැවී 146

(ෂීකාර් ධවාන් 23, විරාට් කෝලි 24, සුරේෂ් රයිනා 30, මුස්ටෆීසූර් රෙහෙමාන් 34/2, අල්-අමීන් හුසේන් 37/2)

බංග්ලාදේශය -  ඕවර 20 කදී කඩුලු 09 ක් දැවී 145

(ටමීම් ඉක්බාල් 35, සබීර් රෙහෙමාන් 26, සකීබ් අල් හසන් 22, සෞම්‍ය සාකර් 21, රවිචන්ද්‍රන් අශ්වින් 20/2, රවින්ද්‍ර ජදේජා 22/2, හර්දීක් පාණ්ඩ්‍යා 29/2)

Rate this item
(0 votes)